Blogger යනු ඕනෑම අයෙකුට තමන්ගෙම කියා බ්ලොග් අඩවියක් නිර්මාණය කොට දෙන සේවාවකි. ලොව වැඩිම බ්ලොගර්කරුවන් දෙනෙකු භාවිතා කරන සේවාව ලෙස blogger හැදින්විය හැකි අතර එය google සමාගමට හිමිකම් කියනවා. Blogger මගින් නිර්මාණයවන බොහොමයක් බ්ලොග් අඩවිවල ලිංගිකත්වය ඉස්මතුවන ආකාරයේ අසැබි පිංතූර, වීඩියෝ ඇතුලත්වීම යම් ගැටලුකාරී තත්වයක් ඇතිකොට තිබෙනවා. දැන් පවතින රීතිවලට අනුව ඒ ආකාරයේ බ්ලොග් අඩවියකට පිවිසීමේදී දැනුම්දීමක් පමණක් සිදුකරන අතර බ්ලොග් අඩවියට පිවිසීමේ බාධාවක් ඇති වන්නේ නැහැ. නමුත් එම ක්‍රමය ඉදිරියේදී වෙනස්වනු ඇත.
.
Google සිය blogging platform එක වන Blogger සදහා නව content policy එකක් හදුන්වාදී තිබෙනවා. ඒ අනුව මාර්තු මස 23 වැනිදා සිට Blogger තුල ලිගිකත්වය පිළිබිඹු කරනා කරනා පින්තූර, වීඩියෝ වැනි දෑ ප්රසිද්දියේ පළකිරීම තහනම් කර තිබෙනවා. ඊට සමගාමීව Reddit සමාජ ජාලයද මෙම තීරණයම ගෙන තිබෙනවා.
මෙම policy එක කඩ කරන බ්ලොග් වල ඇති එම තහනම් අන්තර්ගතය හෝ එම පිටු ඉවත් කිරීමට තමන් කටයුතු නොකරන නමුත් සම්පුර්ණයෙන්ම එම බ්ලොග් එක බාහිර කිසිවෙකුටත් පිවිසිය නොහැකි වන ලෙස privert blog එකක් බවට පත්කිරීමට කටයුතු කරනා බව Google වාර්තා කර තිබෙනවා. ඒ වගේම සාදාරණ හේතුන්මත සමාජයට යහපතක්වන අරමුණු ඇතිව පලකරන අධ්යාපනික, වාර්තාමය, විද්යාත්මක වැනි පලකිරිම තුල එවැනි ලිංගිකත්වය පිළිබිඹු කරනා දෑ එක් කිරීමට තමන් ඉඩකඩ ලබාදෙන බවත් එවැනි බ්ලොග් privert blog බවට පත් නොකෙරෙනු ඇතිබවත් Google වැඩි දුරටත් වාර්තාකර තිබෙනවා.
.
මනහර වෙබ් අඩවියට අලුතින්ම එකතුවන ලිපි එසැනින් ලබා ගැනීමට අපගේ facebook fanpage එක like කරන්න.
That's an apt answer to an intteesring question
I'm quite pleased with the inifrmatoon in this one. TY!
A perfect reply! Thanks for taking the <a href="http://qhstaj.com">trlboue.</a>