නව රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ පොරොන්දු වූ පරිදි රටපුරා නොමිලේ අන්තර්ජාල (වයි-ෆයි) පහසුකම ලබාදෙමින් "වයි-ෆයි කලාප" 1,000 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි.
.
ඒ අනුව රටේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි වයි-ෆයි කලාප ඇතිකිරීමට රජය තීරණය කර තිබෙන අතර එහි මුල් අදියර යටතේ මේ මාසය අවසන් වීමට ප්රථම වයි-ෆයි කලාප 250 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
එයින් අනතුරුව ඉදිරි වයි ෆයි කලාප 750 ක ප්රමාණය රජයේ දින සියයේ වැඩපිළිවෙලට සමඟාමීව දින 60 හා 90 අතර ආරම්භ කරන අතර එම පහසුකම සියයට 100ක්ම නොමිලේ ලබාදෙයි.
ඒ අනුව සමස්ත ශ්රී ලංකාවම ආවරණය වන පරිදි සියලුම විශ්ව විද්යාල, දුම්රිය ස්ථාන, ප්රධාන බස් නැවතුම්පල, ප්රසිද්ධ
උද්යාන, මහජන පුස්තකාල, සියලුම ශීක්ෂණ හා දිස්ත්රික්
රෝහල්, නීති විද්යාලය, අධිකරණ සංකීර්ණ, දිස්ත්රික් ලේකම් කාර්යාල සහ කෞතුකාගාර ආදී මහජනතාව වැඩි වශයෙන්පැමිණෙන ස්ථාන වෙනුවෙන් අන්තර්ජාල පහසුකම ලබාදීමට
තීරණය කර තිබේ.
.
එක් පුද්ගලයෙකු සඳහා මසකට මෙගා බයිට් (MB) 100ක ප්රමාණායේ අන්තර්ජාල සබඳතාවක් නොමිලේ ලබාගත හැකිවන අතර තම ජංගම දුරතකන අංකය සහ හැදුනුම්පත් අංකය ලබාදීමෙන් ඒ සඳහා පිවිසිය හැක. මේ කාර්යයේ දී ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහාය ලබාදෙයි.
මේ සම්බන්ධයෙන් මාධ්ය දැනුවත් කිරීම ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී ඊයේ (04) පැවැති අතර විදේශ කටයුතු නියෝජ්ය ඇමැති අජිත් පී පෙරේරා, ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනී චිත්රාංගනී මුබාරක්, සහ ප්රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහත්ම මහත්මීන්
ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
.
පසුගිය මැතිවරණ ව්යාපාරයේදී, ජනාධිපති අපේක්ෂක මයිත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පොරොන්දුවක් වූ නොමිළේ අන්තර්ජාල පහසුකම් ලබාදීම තරුණයන්ගේ ඡන්දය ලබාගැනීමට යම් තරමින් දායක විය. දින 100 ඇතුලත දුන් පොරොන්දු ඉටුනොවන මොහොතක මෙම නොමිලේ ලබාදෙන wi-fi පිළිබදව තරුණ පරපුර අවධානයෙන් සිටි නමුත් ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට පොරොන්දුව ඉටුනොවී ඇතිබව දක්නට ලැබේ. 100MB මසකට තබා දයිනික ප්‍රයෝජනයටවත් ප්‍රමාණවත් නොවන බවයි බොහෝදෙනාගේ මතය. කෙසේනමුත් ලබාදෙන 100MB සදහා, යහපාලන රජයට බෙහෙවින් ස්තූතිවන්ත වන්නෙමු.
.
(නෙත්fm වෙබ් අඩවිය ඇසුරිණි.)
මනහර වෙබ් අඩවියට අලුතින්ම එකතුවන ලිපි එසැනින් ලබා ගැනීමට අපගේ facebook fanpage එක like කරන්න.
This "free sharing" of intiomaforn seems too good to be true. Like communism.
Sharp thninkig! Thanks for the answer.
Generic Cialis Soft Tabs Levitra Pour Femme <a href=http://cialicheap.com>cheapest cialis 20mg</a> Doxycycline Price Find On Line Www Online Pharmacies Buy Wellbutrin Sr In Singapore