XtGem Forum catalog
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

රාජිත සේනාරත්නගේ පුතා විසින් රදවාගෙන සිටින බාලවයස්කාර දැරියගේ කතාව. (වීඩියෝ සහිතයි.)

රාජිත සේනාරත්නගේ පුතා විසින් රදවාගෙන සිටින බාලවයස්කාර දැරියගේ කතාව. (වීඩියෝ සහිතයි.) - Ra
මෙම දීර්ඝ ලිපිය මෙම වෙබ් අඩවියේ පළ කිරීමට සුදුසු නොවුනත් මා විසින් මෙය පළ කරන්නේ යයපාලනය මුවාවෙන් ගෙනයන අසාධාරණකම් දැක ඇස් කන් පියා සිටිය නොහැකි බැවිනි.
අමාත්ය රාජිත සේනාරත්නගේ පුත්‍රයා විසින් බලහත්කාරයෙන් රදවාගෙන ඔහුගේ බිරිද කරවාගෙන සිටින දැරිය පිළිබද පුවත ලැව් ගින්නක් මෙන් පැතිර යයි. පහතින් දැක්වෙන්නේ හිරු පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද එම පුවතයි.

.
"පොලිසියට කළ පැමිණිල්ලෙනුත් තාම වැඩක් වුනේ නෑ...."
"රාජිත ඇමතිතුමා එදා ඉඳන් ‍පොලිසියට බලපෑම් කළා...."
"ගෑණු දරුවා ගැන හිතලයි මෙච්චර ‍කල් ඉවසුවේ...."
"අන්තිමේදී හිතුවා අපේ රෙදි ගැලවුනත් කමක් නෑ ළමයා බේරගෙන කියලා....."

.
අමාත්ය රාජිත සේනාරත්නගේ දෙවන පුත්රයා, බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්
රදවා තබාගෙන ඇති බව අදාළ දැරියගේ දෙමාපියන් පවසනවා. කොළඹ අද (15) කැදවා තිබූ මාධ්ය හමුවකට එක්වෙමින් ඔවුන් සදහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 24 දින අමාත්ය රාජිත සේනාරත්නගේ දෙවන පුත්රයා අමාත්යාංශ රියකින් පැමිණ සිය දියණිය පැහැර ගෙන ගිය බවයි.

.
ඒ සම්බන්ධයෙන් 2014 වසරේ අපේ්රල් මාසයේ කුරුඳුවත්ත පොලීසියට මෙන්ම එම වසරේම ඔක්තෝම්බර් මාසයේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ද පැමිණිල්ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් එම පැමිණිල්ලට ද සාධාරණයක් ඉටු නොවූ බව ඔවුන් මෙහිදී ප්රකාශ කළා. පසුව මෙම වසරේ ජනවාරි 3 වන දින පොලිස් සහන මැදිරියට ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන්
පැමිණිල්ලක් කළ බව ඔවුන් කියා සිටියා

.
අමාත්ය රාජිත සේනාරත්නගේ දෙවන පුත්රයා වන 27 හැවිරිදි එක්සත් අර්ජිත සේනාරත්න, මේ වන විට වයස අවුරුදු 17යි මාස 4ක් වන දිනිති ආලෝකා රණසිංහ නම් බාල
වයස්කාර දැරියක් මෙලෙස රදවාගෙන තිබෙන බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ. පළමුව ඇය, අංක 85න් ඩී, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ යන ලිපිනය දරණ ස්ථානයේ රදවා තබාගෙන ඇති අතර පසුව මේ වන විට ඇය වෙනත් ස්ථානයක රදවා සිටින බවටයි දෙමාපියන් කොළඹ අද කැදවා තිබූ මාධ්ය හමුවේදී ප්රකාශ කළේ.

මෙම කරුණ පිළිබදව මාධ්ය විසින් පොලීසියෙන් කළ විමසීමකදී පොලිස් මාධ්ය ප්‍රකාශක ලබාදෙන්නේ අපූරු පිලිතුරකි. එනම් දැරියගේ වයස අවුරුදු දහසයක් (16) වන අතර ඇය එම තරුණයා සමග ජීවත් වන්නේ ඇගේ කැමැත්තෙන් බවත් මේ නිසා පොලීසියට කළ හැකි කිසිවක් නැති බවයි. එය ඉහත වීඩියෝව මගින්ද සනාථ කරගත හැකියි.
.
පැවති රජයේ දූෂණ, වංචා නවත්වන බවටත් යහපාලනයක් උදා කරන බවටත් පම්පෝරි ගසමින් පිහිටුවාගත් නව රජයද ඒට නොදෙවෙනි බව පසක් වී හමාරය.

පැවති රජය යටතේ ධීවර ඇමති ධූරය දැරූ කාලයේ සිටම දූෂිත පාලකයෙකු ලෙස නම් දරාසිටි රාජිතගේ නරුම පුත්‍රයාගේ ලිංගික අවශ්යතා සපුරාගැනීම සදහා අහිංසක දෙමාපියන් දෙදෙනෙකුගේ අහිංසක දැරියක් බිල්ලට ගැනීම කෙතරම් සාදාරණදැයි අප නොදනිමු. එය යහපාලනයේ ලක්ෂණයක්ද නොවේ.
.
සියල්ලටම වඩා විහිලුසහගත කරුණ වන්නේ, පොලිස් මාඬ්ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයයි. ඔහු පවසන අන්දමට, අවුරුදු 16ක දැරියක් බාලවයස්කාරියක් නොවන අතර දැරියක් ඇගේ දෙමාපියන්ගේ අවසරයක් නැතිව තම බිරිද කොටගෙන තබා ගැනීඅම වරදක් නොවන බව පෙනේ. මෙම නොහොබිනා ප්‍රකාශය බාල අපරාධකරුවන්ට උල්පන්දන්දීමක්ය. අපටනම් පෙනෙන්නේ පොලීසිය දේශපාලකයන්ගේ රෙදි හේදීමේ කර්තව්ය මැනවින් ඉටුකරන ආකාරයයි.
කෙසේනමුත් අප දන්නා තරමින් පැවති නීතිය යටතේ, අවුරුදු 18ට අඩු දැරියන් බාලවයස්කාරියන් වන අතර, යම් තැනැත්තෙකු ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඇය හා ලිංගිකව එක්වූයේ නම් ඔහුට බාල අපරාධ යටතේ දඩුවම් පැමිණවිය යුතුයි. නමුත් යහපාලන රජය ඔවුන්ගේ අවශ්යතා පරිදි එම නීති වෙනස් කර ඇති බව පෙනේ.
.
කාන්තා හිංසනය, ලමා අපචාර
වලට විරුද්ධව පෙනී සිටින රෝසි සේනානායක මහත්මියගේ අවධානයට මෙවැනි දරුවන් යොමුනොවන්නේ මන්ද? ඇයත් යහපාලන නඩයේ කොටස් කාරියක් නිසාද?
මෙම අවාසනාවන්ත දැරියට අද සිදුව තිබෙන්නේ, දෙමාපියන්ගෙන් වෙන්ව කාමාතුර යහපාලන පියෙකු සහ පුතෙකු යටතේ බිරිදකගේ යුතුකම් ඉටු කිරීමය. ඇයට අධ්යාපනය ලැබීමේ මූලික අයිතිවාසිකමද අහිමිව ඇත. මෙම තත්වය යටතේ ඇය වෙනුවෙන් ඇගේ දෙමාපියන් හඩ නැගීම සාධාරණ නොවන්නේද?
සත්ය වශයෙන්ම යහපාලනයක් ගෙන යන්නේ නම් කලයුත්තේ තරාතිරම නොබලා නීතිය හරිහැටි ක්‍රියාත්මක කර දැරියට සාධාරණය ඉටු කිරීමය.
.
කෙසේනමුත් පරම ප්‍රජාතන්ත්‍රවාදී බලය හිමි අපහටද මෙහිදී වගකීමක් පැවරේ. එනම් මෙවැනි දූෂිත පාලකයන් ලබන මැතිවරණයෙන්ම ගෙදර යැවීමයි. එසේ නොවුනහොත් මෙම දැරියට සිදුවූ අසාධාරණය මීළගට සිදුවන්නේ ඔබගේ දියණියට හෝ සොයුරියට විය හැක.

- මනහර බ්ලොග් අඩවිය.
Back to posts
Comments:
[2015-05-03 21:03:03] ANKRZy5E8bV :

I came, I read this article, I coenuqred.

[2015-05-19 20:28:27] manahara :

thank you.

[2015-05-04 00:22:06] OvGhaW4d :

All things corsedined, this is a first class post

[2015-05-19 20:30:30] manahara :

thank you.


UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015