Snack's 1967
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

ලොව ජනප්‍රියම ස්වයංක්‍රීය ගිනිඅවිය AK 47.

ලොව ජනප්‍රියම ස්වයංක්‍රීය ගිනිඅවිය AK 47. - ලෝකයේ භාවිතාවන විවිධ ගිනිඅවි පිළිබදව උනන්දුවක් දක්වන පාඨකයන් වෙනුවෙන්වූ මෙම ලිපිය මගින් 1947 සෝවියට් රුසියාවේදී නිපදවනලද AK 47 නමැති ප්‍රසිද්ධ ස්වයංක්‍රීය ගිනිඅවිය පිළිබදව සාකච්ඡා කරන්නෙමු.
.

AK47 - manahara
- Ak 47 ස්වයංක්‍රීය ගිනිඅවිය -
.
පෘථිවිය ඇතුළෙ තියෙන විවිධ රටවල් අඳුනගත්ත දවසෙ ඉඳල විවිධ විදියට බිහිසුණු යුද්ධවලට මුහුණ දීල තියෙනවා. සිවිල් යුද්ධ, එහෙමත් නැත්නම් විදේශ රටවල් සමඟ පවතින යුද්ධවලටත් නොයෙක් විදියට සම්බන්ධ වෙනවා. මේ යුද්ධ ඇතුළෙ කොයිතරම් නම් ආයුධ වර්ග එහාට මෙහාට හුවමාරු වෙන්න ඇත්ද කියල හිතාගන්නත් අමාරුයි නේද? එක්දහස් අටසිය ගණන්වල, එක්දහස් නවසිය ගණන්වල මුල්කාලෙ තිබුණු
ආයුධ නම් දැන් කාලෙට හරියන්නෙ නෑ කියල හොඳටම තේරෙනව.

.
මොකද ඒවා යල් පැනපු තාක්ෂණයත් එක්ක CREATE කරපු දේවල් නිසා අපි හිතපු දේවල් හරියටම හරිද කියල හිතන්න වෙන්නේ II වන ලෝක යුද්දෙ අන්තිම අවුරුද්දෙදි අලුතින්ම නිර්මාණය කිරීම ආරම්භ කරපු AK-47 ගැන කරුණු හොයල බැලීමෙන් පස්සෙ තමයි. කොහොම වුණත් 1945 දී ආරම්භ වෙලා, 1947 දී නිර්මාණය වෙලා අවසන් වුණු AK-47 තවමත් වෙනත් කිසිම අවියකට නොදෙවැනි විදියට පෙරමුණ අරගෙන තියෙනවා.

AK-47 කියන්නෙ - තෝරාගැනීමක් සහිතව වෙඩි තැබිය හැකි අවියක්. ගෑස් යොදාගත හැකි 7.62 × 39MM වර්ගයේ තදින්, ඉක්මනින් පහරදිය හැකි රයිෆලයක් වන මෙය මුලින්ම නිපදවනු ලැබුවේ USSRහි "MIKHAIL KALASHNIKOV" විසින්. මෙහි නිල කටයුතු සඳහා භාවිත කරන නම වන්නේ "AVTOMAT KALASHNIKOV" ලෙසින් වන අතර රුසියාවේදී මෙය
හඳුන්වනු ලබන්නේ AK යනුවෙනි. මෙහි නිෂ්පාදන කටයුතු
ආරම්භ කරනු ලැබුවේ 1945දීය.

131223154536-01-kalashnikov-1223-story-top
- AK 47 අවියේ නිර්මාතෘ "Mikhail Kalashnikov" -
.
AK යනුවෙන් හඳුන්වන්නේ "AVTOMAT KALASHNIKOV" යනුවෙන් වන අතර 47- යනුවෙන් දැක්වෙන්නේ මෙය නිෂ්පාදනයකර අවසන් වූ වසරයි. මෙහි විශේෂත්වය වන්නේ AK-47 අවියේ නිර්මාපකයා දෙවැනි ලෝක යුද්ධ සමයේදී තුවාල ලැබූ අයකු වීමයි. ඔහු තුවාල ලබා රුසියාවේ රෝහලක
ප්රතිකාර ලබන අවධියේ අතීතයේදී රුසියාව තම යුද්ධ කටයුතු සඳහා භාවිත කරන ලද ගිනි අවි ප්රතිසංස්කරණය කරන ආකාරය පිළිබඳ අධ්යයනය කරන්නට විය. එම කරුණු
අධ්යයනයකර ඔහු රෝහලෙන් පිටව ගිය පසු තම සිතේ නිර්මාණය කරගත් යුද අවිය නිර්මාණය ආරම්භ කළේය.

.
AK-47 නිෂ්පාදනය කිරීමට ඉවහල් වූ මූලික සාධක වූයේ අඩු මුදලකින් නිෂ්පාදනය කිරීමේ හැකියාව සහ භාවිත කිරීමේ පහසුවයි. මෙම ගිනි අවිය රළු, සටන් කිරීමට පහසු මෙන්ම පිරිසුදු කිරීමට හා භාවිත කිරීමටද පහසු වන අතර හදිසි සටන්වලදී මෙය ඉතාමත් ප්රයෝජනවත් වේ. මේ සඳහා භාවිත කරන්නේ ඉතා ප්රබලත්වයකින් යුක්ත වන 7.56MM කැලිබර් උණ්ඩ වර්ගයයි. මෙම උණ්ඩ M-16 අවි ගිනි අවියේ උණ්ඩවලට වඩා භයානකත්වයෙන් යුක්තය.

.
a-russian-soldier-in-bulletproof-vest-with-ak-47-rifle
- AK 47 අවිය අත්දරා සිටින සෝවියට් රුසියානු සෙබළෙක් -
.
තවද මෙම ගිනිඅවිය මගින් පිටකරන උණ්ඩවලට කොන්ක්‍රීට් විනිවිදයෑමේ හැකියාව පවතී. එමෙන්ම AK 47, කුණු ගොඩක සගවා තබා හෝ ජලය තුල සගවා තබා, පසුකාලීනව ඒ අයුරින්ම භාවිතා කිරීමේ,හැකියාව පැවතීම විශේෂත්වයකි. AK 47 ගිනිඅවියෙන් 300m-600m අතර පරාසයකට වෙඩි තැබිය හැකි අතර ඒ සදහා 7.56mm උණ්ඩ භාවිතා කරනු ලැබේ.
.
අදවනවිට ලෝකයේ බොහෝ හමුදාවන් මෙන්ම ත්‍රස්ත කල්ලි, ඔවුන්ගේ සාමාන්ය අවිය ලෙස AK 47 භාවිතා කරන අතර එමගින් පැහැදිලි වන්නේ, පසුකාලීනව පැමිණි විවිධ ස්වයංක්‍රීය ගිනිඅවි පරයා, 1947 නිපදවූ AK,47 නම් විශිෂ්ඨ අවිය තවමත් ඉදිරියෙන්ම වැජඹෙන බවයි.
.
( අන්තර්ජාලය ඇසුරිණි.)

Back to posts
This post has no comments - be the first one!

UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015